gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ශානිට අලුත් කොන්ත්‍රාත්තුවක්!

ඊයේ (10) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසරක කාලයක් සඳහා හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව කොන්ත්‍රාත් පදනම මත නැවත පොලිස් සේවයට පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීන් ලෙස ශානි අබේසේකර මහතා හැඳින්විය හැකිය.

මෙරට කීර්තිමත් අපරාධ විමර්ශකයෙකු ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධූරය හෙබවූ ඔහු රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ රතුපස්වල වෙඩි තැබීම වැනි විමර්ශන භාරව කටයුතු කළ ප්‍රධාන විමර්ශක නිලධාරියාද වෙයි.

එමෙන්ම මෙරට තවත් ප්‍රධාන පෙළේ අපරාධ ලෙස සැළකෙනා රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනීමැරුම, උඩතලවින්න ඝාතනය හා මොහොමඩ් සියාම් ඝාතනය ආදී ආන්දෝලනාත්මක මිනීමැරුම් ගණනාවක අබිරහස් හෙළිකර ගැනීම සඳහා විමර්ශන කටයුතු මෙහෙයවූ නිලධාරියාද වෙයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka