මෙරට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකවරියක ලෙස කටයුතු කළ කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායකට මිල අධික “PORSCHE CAYENNE S” වර්ගයේ අධි සුඛෝපභෝගී රථයක් ලබාදි ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
“PORSCHE CAYENNE S” නම් අධි සුඛෝපභෝගී රථයක මිල රුපියල් ලක්ෂ 210 ඉක්මවන අතර පසුගිය 2022 වසරේ නිෂ්පාදිත එම රථයක වටිනාකම රුපියල් ලක්ෂ 320 ඉක්මවයි.
විදෙස් රටවල ඉහළ ආර්ථිකයක් සහිත ධනවතුන් විසින් පාවිච්චි කරන මෙවැනි අධි සුඛෝපභෝගී රථයක් ජනතා මුදලින් හිටපු ජනාධිපතිවරයාගේ උපදේශකවරුන්ට ලබාදීම සම්බන්ධව මේ වනවිට සංවාදයට බඳුන් වි ඇත.