gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සැප වාහන සොරකම හෙළි වෙද්දී රත්තරන් දේශපාලනයෙන් සමුගන්නා බව කියයි

මහනුවර සඟවා තිබියදී හමුවූ සැප වාහන දෙකට තමන්ගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කලහොත් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සදහන් කරයි.

රෝහිත අබේගුණවර්ධන තවදුරටත් සදහන් කළේ,

“මගේ මේ වාහන පිළිබඳ කිසිම සම්බන්ධයක් නෑ. එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා ඔප්පු කලොත් මම දේශපාලනයෙන් සමුගන්නවා. එපමණක් නොවෙයි මෙවර මහ මැතිවරණයෙන් පවා ඉල්ලා අස්වෙනවා.

මම දේශපාලනයට ආවේ වංචා කරන්න හෝ සොරකම් කරන්න නොවෙයි. නොකළ දේවල් වලට චෝදනා එල්ල කරනවා. මෙහි ඇත්ත සොයන්න කියා ඉල්ලා සිටිනවා. පැහැදිලිව කියන්නේ දේශපාලන මඩ ගහන්න මේවා භාවිතා කරන්න එපා.

මේ කියන වාහනවලට මම හෝ බෑනාගේ සම්බන්ධයක් නෑ. වෙන කවුරුන් හෝ වරදක් කළොත් මම පලිද. මගේ ගෙදරත් ලියාපදිංචි කළ වාහන තියෙනවා.

මේ සියල්ල ලියාපදිංචි කල වාහන. වෙන කෙනෙක් කළ වරදකට මම වගකියන්න ඕනද. මම වරදක් කර ඇත්නම් ඔප්පු කරන්න කියලා අභියෝග කරනවා.”

කළුතරදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව සදහන් කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka