gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජාතිවාදය, ආගම්වාදය පතුරුවන ගම්මන්පිලගේ අලුත්ම නැටිල්ල ලාල් දිගහරී!

ජාතිවාදයෙන් ආගම් වාදයට, ආගම් වාදයෙන් ජාතික වාදයට විටින් විට මාරු වෙමින් හතර කොණ පටලවාගෙන ඉන්න උදය ගම්මන්පිල මොනතරම් දැඟලුවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව වත්මන් රජය වින්දිතයින්ට සාධාරණයක් කරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩි ලාල් කාන්ත සදහන් කරයි.

පාස්කු ප‍්‍රහාරය සම්බන්දයෙන් වන විමර්ෂන වාර්තා මෙතෙක් කාලයක් උදය ගම්මන්පිල සතුව සඟවාගෙන තබා ගැනීම සම්බන්ධයෙන් ගෙන්වා ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු බව විධායක සභික කේ.ඩි ලාල් කාන්ත සදහන් කරයි.

විධායක සභික කේ.ඩි ලාල් කාන්ත තවදුරටත් සදහන් කළේ,

“උදය ගම්මන්පිලගේ අභියෝග කවුරුවත් ගණන් ගන්නේ නැහැ. එයා දේශපාලනික වශයෙන් අවලංකු වෙච්ච කෙනෙක්. එක කාලයක් ජාති වාදය, තව කාලයක් ජාතික වාදය ආයෙත් කාලයක් ආගම් වාදය කරපින්නාගෙන මේවා ඔක්කොම පටලවාගෙන වැඩ කළ මේ අයගේ කෙරුවාව ජනතාව දැන් හොඳට දන්නවා.

මේ අය දැඟලුවත් කෑගැහුවත් නැතත් ජනාධිතිතුමත් අලුත් ආණ්ඩුවත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය සාධාරණය ඉටු කරන බව ඒ අය දන්නවා. ඒ අය නියෝජනය කරන ආගමික ආයතන වලටත් වින්දිතයින් නියෝජනය කරන සමාජයටත් ඒ විශ්වාසය තිබෙනවා.

අවලංගු කාසියක් බවට පත්ව සිටින ගම්මන්පිල මේ දවස්වල මොනවාහරි කියවලා උත්සහ කරන්නේ රූපවාහිනි මාධ්‍ය වලට එයාගේ මුහුණ දාගන්නයි. මෙච්චර කල් මේ වාර්තා ඇයි හංගගෙන හිටියේ කියලා ගම්මන්පිලගෙන් ප්‍රශ්න කරන්න ඕන.

මෙච්චර කල් මේ වාර්තා හංගගෙන හිටියේ කාව ආරක්ෂා කරන්නද කියලා එයාගෙන් ප්‍රශ්න කරන්න ඕන. මගේ ළඟ අරවා තියෙනවා මේවා තියනවා කියමින් ඉන්නේ නැතුව වගකිව යුතු දේශපාලනඥයෙක් විදිහට ගම්මන්පිල ඒවා බාර දෙන්න ඕන.

එයාලා මොනවා කිව්වත් නැතත් මොනතරම් දැගලුවත් නැතත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට විශ්වාසයි තමන්ට ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව සාධාරණය ඉටු කරන බව.”

මහනුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩි ලාල් කාන්ත මේ බව සදහන් කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka