රන්ජන් SJB අතහරී.. නව පක්‍ෂයකින් මැතිවරණයට.. ජනපතිගෙන් පූර්ණ සමාව බලාහිදී!
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමගි ජන බලවේගයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
ඔහු සඳහන් කරන්නේ තමන්ට පූර්ණ ජනාධිපති සමාව ක්‍රියාත්මක වුවහොත් නැවතත් ඉදිරි මහ මැතිවරණයට නව පක්ෂයකින් තරග කිරීමට සූදානම් බවයි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරගත කර සිටි ඔහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සීමිත ජනාධිපති සමාවක් ලෙස නිදහස ලබාදෙන ලදී.
ඒ අනුව ඔහුට මහ මැතිවරණයකට තරග කිරීමට අයිතිය හිමිව නැත.
නව ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඒ සඳහා අනුමැතිය ඔහු ඉල්ලා ඇති අතර ඊට අනුමැතිය ලදහොත් තමන් මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටින බවද ඔහු කියා සිටියේය.
රන්ජන් SJB අතහරී.. නව පක්‍ෂයකින් මැතිවරණයට.. ජනපතිගෙන් පූර්ණ සමාව බලාහිදී!
2024-10-09T12:10:00+05:30
Gossip Lanka Hot News





