ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නැයි නියෝග කරයි
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට වරෙන්තු නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද 9 නියෝග කළාය.
2014 වසරේදී ජාතික බල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤවීදය නිපොන් හෝටලයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ විසින් කුරානයට අපහාස කළ බවට පැවරූභ නඩුවක් විභාගයට ගන්නා අවස්ථාවේ විවෘත අධිකරණයේ පෙනී නොසිටීම මත මෙලෙස වරෙන්තුවක් නිකුත් කෙරිණි.
කොම්පඤ්ඤවීදිය පොලිසිය පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටියේය.
නඩු විභාගය ලබන 2025 වසරේ මාර්තු මස 5වනදා දක්වා කල් තැබිණි.
ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නැයි නියෝග කරයි
2024-10-09T12:08:00+05:30
Gossip Lanka Hot News





