ඊයේ (27) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති රංජන් රාමනායක නායකත්වය දරන එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ මංගල සම්මේලනය පවත්වා ඇත්තේ මුදල් පොරොන්දුව මත ගෙන්වූ කුලී කරුවන්ගෙන් බව හෙළි වී තිබේ.
මේ තත්ත්වය අනාවරණය වන්නේ පොරොන්දු වූ මුදල් ලබා නොදුන් බව පවසමින් සම්මේලනය අවසන් වීමෙන් පසු ඊට එක් වී සිටි 200ක පමණ පිරිසක් කළහකාරී ලෙස හැසිරීමත් සමගය.
ඔවුන් හූ කියමින් කෑ ගසමින් කළහාකරී ලෙස හැසුරුණු ආකාරය අද දෙරණ වීඩියෝ දර්ශන සමග විකාශනය කළේය.
” මේක රන්ජන් රාමනායකගේ රැස් වීමක්. එයා සෙනග පෙන්වන්න අපව සල්ලිවලට ගෙන්නුවේ. අපට එන්න කිව්වේ පාර්ට් ටයිම් ජොබ් එකක් තියනවා කියලා. අපට රුපියල් 2000ක් දෙනවා කිව්වා. අපි ආවා ඔක්කොම ඒ නිසා.
කට්ටියකට සල්ලි දුන්නා. එතකොට සල්ලි ඉවර වුනා. සල්ලි ඉවරවුනාට පස්සේ සම්බන්ධීකරණය කරපු කෙනා පොලිසියෙන් අරන් ගියා. දැන් අපිට සල්ලි ගන්න විදිහක් නෑ…. එයා දැනගන්න ඕන වැඩක් කළා නම් සල්ලි දීලා ඒ වැඩේ ඉවර කරලා දාන්න. ” තරුණයෙක් ප්‍රකාශ කරනු දෙරණ රූපවාහිනිය විකාශනය කළේය.
කෙසේ වෙතත් මේ ආකාරයෙන්ම මුදල් ගෙවා ජනතාව සිය මංගල රැස්වීමට ගෙන්වීම සම්බන්ධව දිලිත් ජයවීරට ද චෝදනා එල්ල වූයේය. ඔහුට ඒ ආකාරයෙන් මුදල් ගෙවා බස්වලින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයට සෙනග ඇද තිබුණේ දෙහිවල කුප්‍රකට කුඩු ජාවාරම් කරුවෙකුගේ පුතෙක් විසින් බව කියැවිනි.
මේ පුද්ගලයා දෙහිවලින් පළාත් පාලන මැතිවරණයට තරග වැදීමට නියමිතව සිටි අයෙකි. එම ප්‍රදේශයට අසීමිත සහ අතාර්කික ලෙස මුදල් වියදම් කරමින් මුදලට ඡන්ද එකතු කිරීම සම්බන්ධව ඔහුට එරෙහිව මැතිවරණ කොමිසමටත් පැමිණිලි ගොනු වී තිබිණි.