gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු බෝම්බ වාර්තාව පිටව ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩලයෙන්!

මෙරටට එලවූ පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධ ජනාධිපති කොමිෂන් වාර්තාවන් පිටවූයේ වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාගේ කාර්ය මණ්ඩලය අතින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

කොළඹදී මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

‘මට වාර්තා ලැබුණු විධිය වහාම සොයා බලනවා කියා විජිත හේරත් ඇමතිතුමා කිව්වා. මට වාර්තා ලැබුණු විධිය නොවේ සොයා බැලිය යුත්තේ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ වාර්තා පිට වුණු ආකාරයයි සොයා බැලිය යුත්තේ. ජාතික ආරක්ෂාව අනතුරට වැටෙන සංවේදි තොරතුරු වාර්තා දෙකේ ඇමුණුම් වල තිබෙන නිසා ඇමුණුම් ප්‍රසිද්ධ කරන්න එපා කියලා වාර්තාවල සඳහන් වෙනවා.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් හැමදාමත් පෙනී සිටිය විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදසිහට මම මේ ඇමුණුම් කිසිසේත් ප්‍රසිද්ද කරන් නැ. මම ප්‍රසිද්ධ කරන්නේ වාර්තා පමනයි. අපේ අතට මේ වාර්තා ලැබුණු නිසා හොඳයි. නමුත් මට ලැබුණු ආකාරයටම මව්බිමේ සතුරන්ටත් මේ ඇමුණුම් ලැබෙන්න පුළුවන්. ඒ නිසා ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු පිට කරන මීයා කවුද කියන එක දැන්ම සොයා ගැනීම ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට හොඳයි.

ඉමාම් වාර්තාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගාව මාස තුනක් තිබුණා. කාටවත්ම පිට වුණේ නෑ. නමුත් අනුර දිසානායක ජනාධිපතිතුමා බලයට ඇවිත් සති තුනක් ගත වෙන්න කලින් මේ වාර්තා දෙකම පිට වුණා.

ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලය එතුමාට පක්ෂපාතිව කටයුතු කළත් අනුර දිසානායක මැතිතුමාගේ කාර්ය මණ්ඩලය එතුමාට පක්ෂපාති නෑ කියන එක නේද? ඒ නිසා මට ලැබුණු විධිය හොයන එක පැත්තකින් තියලා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ වාර්තා පිට වුණේ කොහොමද කියන එක ගැන අපේ හේරත් ඇමතිතුමා දැන්ම පරීක්ෂණයක් ආරම්භ කළ යුතුයි’



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka