ජොනී පනී... අල්ලන්න රහස් පොලිස් මෙහෙයුම්!
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සොයා ගැනීමට නොහැකි වී ඇත.
එම දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂණ කණ්ඩායම් කිහිපයක් දින තුනක් තිස්සේ ඔහු සොයා මෙහෙයුම් සිදුකළද කිසිදු තොරතුරක් ඊයේ වනතුරු ලැබී නැති බව වාර්තා වෙයි.
ඒ මහතා පදිංචිව සිටින නිවස හා රැඳී සිටින ස්ථාන සියල්ල පරීක්ෂා කළද මෙතෙක් කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකි වී නැත.
නීති විරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිතා කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඔහුගෙන් ලබා ගැනීමට නියමිතව ඇත.
සැක කටයුතු මෝටර් රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණි ලෙස හිටපු මන්ත්‍රීවරයට දැනුම් දී තිබුණද අසනීප තත්වයෙන් පසුවන බව දැනුම් දෙමින් ඔහු ඊට ඉදිරිපත්වීම මඟ හැර තිබේ.
ජොනී පනී... අල්ලන්න රහස් පොලිස් මෙහෙයුම්!
2024-10-17T09:59:00+05:30
Gossip Lanka Hot News






