gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාර විමර්ශනවල අඩුපාඩු සොයන්නැයි දැනුම් දෙයි!

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල අඩුපාඩු ඇත්නම් වාර්තා කරන ලෙස උපදෙස් ලැබී ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර පොලිස් මුලස්ථානයේදී පැවැති සාකච්ඡාවකදි එම උපදෙස් ලැබුණු බව පැවසීය.

එහි අඩුපාඩු ඇත්නම් තවදුරටත් විමර්ශන කළ යුතු බව සාකච්ඡාවේදි දැනුම්දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන වාර්තාවක් ලබාදීමට ද නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka