gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිමාවෙන් තරග කරන්න පොරකති.. එක් අපේක්‍ෂකත්වයකට අයදුම්පත් 40-50ක්!

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා ජාතික ජන බලවේගයට විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ලැබෙමින් ඇති බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

මහනුවර දිස්ත්‍රික්කයට සඳහා පමණක් ජාතික ජන බලවේගයෙන් තරග වැදීමට අපේක්ෂකයන් පන්සියයක් පමණ අයදුම්කර ඇති බවද හෙතෙම පවසයි.

නමුත් මහනුවර දිස්ත්‍රික්කය සඳහා තරග වැදිය හැක්කේ එක් පක්‍ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් 15 දෙනෙකු පමණක් බවත් ඉන් දිස්ත්‍රික්කයෙන්ම තෝරාගන්නේ මන්ත‍්‍රීවරුන් 12 දෙෙනකු පමණක් ඔහු පෙන්වා දෙයි.

දැනට ඉදිරිපත් වී ඇති අයදුම්පත් අතරින් හැට දෙනෙකු සම්බන්ධයෙන් පක්ෂය විසින් අවධානය යොමු කර ඇති බවත් ඉන් අවසන් 15 දෙනා තෝරා ගැනීමට කටයුතු කරනු ඇති බවත් හෙතෙම පවසයි.

ජාතික ජන බලවේග අපේක්ෂකයන් මනාප අංක ප්‍රදර්ශනය කරන නමුත් පෞද්ගලිකව මනාප ඉල්ලා සිටීමක් සිදු නොකරන බවද තවදුරටත් ඔහු පැවසුවේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka