gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කොළොන්නාවේ රහස්‍ය ගබඩාවක ටී-56 උණ්ඩ විසි පන්දහසක්... පාතාලයට තොගේට බඩු දුන් ගබඩාවක්ද?

“සති අග අරුණ” පුවත්පත අනාවරණය කර ඇත්තේ කොළොන්නාව තෙල් තොග ගබඩා පරිශ්‍රයේ රහස්‍ය අවිගාරයක තොග ලැයිස්තුවක් නොමැති ටී-56 උණ්ඩ 25,218ක් ඇතුළු පතරොම් දහස් ගණනක් සඟවා ඇති බවයි.

පුවත්පත වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම ගබඩාව හිස් උණ්ඩ කොපු ගබඩාවක් ලෙස පෙන්වා ඇති නමුත් එහි ටී-56 උණ්ඩ 25,218ක්, එස්.ජී. පතරොම් 2656ක්, එස්.එල්.ආර්. පතරොම් 1040ක් ගබඩා කර ඇති බවයි.

මෙම පරිශ්‍රයේ හමුදා අනුකණ්ඩයක් පැවති අතර ගබඩා ආරක්ෂකයන්ගේ කිසිදු අධීක්ෂණයක් නොමැතිව මෙම අවි ගබඩාව පවත්වාගෙන ගොස් ඇතැයි හෙළිවී තිබේ.

මෙම අවි ගබඩාවවේ අතුළත් බඩු බාහිරාදිය සම්බන්ධව තොග ලැයිස්තුවක් (Armory Inventory) ඉදිරිපත් කිරීමට මෙය භාරව කටයුතු කර ඇති ආරක්ෂක කළමනාකරුවන් අපොහොසත් වී ඇති බවත් කොළොන්නාව තෙල් තොග ගබඩාවේ කලාප 02 රහස්‍ය අවිගාරය තුළ මෙම රහස්‍ය ගබඩාව පිහිටා ඇති බවත් පුවත්පත පෙන්වා දෙයි.

මින් පෙර අවස්ථාවක විගණන අංශය සිදු කළ පරීක්ෂාවකදී අනිවාර්ය නිවාඩු යවා සිටි හිටපු කළමනාකාර ආරක්ෂකයකුගේ නිල කාමරයේ තිබී මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ 474ක් හා මිලිමීටර් 3.8 වර්ගයේ පිස්තෝල උණ්ඩ 277ක් හමුවී ඇති අතර පසුව ඒවා ගිනි අවි ගබඩාව වෙත භාරදී තිබිණි.

එමෙන්ම කලාප 02 පිහිටි හිස් උණ්ඩ රඳවන බව කියූ රහස්‍ය අවි ගබඩාව තුළ තිබී භාවිතයට ගත් ටී-56 උණ්ඩ කොපු 24,115ක් අඩංගු ගෝනි දෙකක්ද සොයාගෙන ඇත.

මෙහි ඇති බරපතල කාරණය වනුයේ කිසිදු ලේඛනයක් නොමැති මෙම රහස්‍ය අවිගාරය තුළ ඇති තොග ලැයිස්තුවක් පවත්වාගෙන නොගිය ජීව උණ්ඩ අපරාධ කල්ලි අතට පත්වූවාද යන්නයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka