gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් නිලන්ත ශ්‍රේෂ්ඨාධිකරණයට!

මරාගෙන මැරෙන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා නොගෙන කටයුතු කිරීම ගැන ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළව කරුණු දැක්වීමට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට අද (07) පැමිණ ඇත.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් රුපියල් මිලියන 75ක වන්දියක් ගෙවන ලෙස කලින් නියම කර තිබුණේය.

කෙසේ වෙතත් එම වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමට නිලන්ත ජයවර්ධන අපොහොසත් වීම හේතුවෙන් අධිකරණය විසින් කළ නියෝගය පරිදි නීතිපතිවරයා විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කර ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka