සජබ හිටපු මන්ත්‍රී සුඛෝපභෝගී කැබ් රථය දමා පැන යයි!
සමගි ජන බලවේග දකුණු පළාත් සභවේ හිටපු මන්ත්‍රීවරයකුට අයත් සුඛෝපභෝගී කැබ් රථයක් මාතර පබුරන ප්‍රදේශයේ සංචාරක නිකේතනයක දමාගොස් තිබියදී මාතර පොලීසිය විසින් සොයාගෙන ඇත.
අයිතිකරුවකු නොමැති සුඛෝපභෝගී කැබ් රථයක් මාතර, පබුරන ප්‍රදේශයට කිසියම් පුද්ගලයකු විසින් දමාගොස් තිබෙන බවට මාතර පොලිසියට ලද තොරතුරක් මත නිලධාරීන් එම ස්ථානයට ගොස් කැබ් රථය පොලිස් භාරයට ගෙන ඇත.
එම කැබ් රථය දකුණු පළාත් සභාවේ සමගි ජන බලවේගය හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු විසින් රියැදුරකු සමග එම කැබ් රථයෙන් පැමිණ සංචාරක නිකේතනය පිටුපස දමාගොස් ඇති බවට සිදුකළ විමර්ශනවලදී තොරතුරු අනාවණය වී ඇත.
සජබ හිටපු මන්ත්‍රී සුඛෝපභෝගී කැබ් රථය දමා පැන යයි!
2024-10-28T18:57:00+05:30
Gossip Lanka Hot News






