වහාම ජාතික ආරක්ෂාව තහවුරු කරන්න.. නාමල්ගෙන් සිහිකැඳවීමක්!
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හැටන් නගරයේ පැවැති ජන හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවසූවේ මෙරට ජාතික ආරක්ෂාව යළි තහවුරු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කඩිනමින් කටයුතු කළ යුතු බවයි.
බුද්ධි අංශ හමුදාව මෙන්ම පොලිසිය ශක්තිමත් කිරීම හරහා මේ සියළු අර්බුදයන්ට මුහුණ දීමේ හැකියාව පවතින බවද හෙතෙම සිහිපත් කළේය.
ඔහු වැඩිදුරටත් පැවසූවේ ජාත්‍යන්තර කාර්යාල, තානාපති කාර්‌යාල, ජාත්‍යන්තර බුද්ධි අංශ සමඟ සාකච්ඡා කර අපේ රටේ ජාතික ආරක්ෂාව තහවුරුයි යන විශ්වාසය ජනතාව තුළ යළි ගොඩනැගීමට කටයුතු කරනා ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
ඒ සඳහා වූ වත්මන් ආණ්ඩුවේ වගකීමද නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
වහාම ජාතික ආරක්ෂාව තහවුරු කරන්න.. නාමල්ගෙන් සිහිකැඳවීමක්!
2024-10-28T20:09:00+05:30
Gossip Lanka Hot News






