gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සූකර උණ පැතිරීම වැලැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්!

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න මහත්මිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය 25 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් උණ රෝගය, සූකර අභිජනන හා ශ්වසන සහ ලක්ෂණ රෝගය ආසාදිත හා අවදානම් ප්‍රදේශයට සීමා කිරීම හා පැතිරීමට ඉඩකඩ වැළැක්වීම සඳහා අවශ්‍ය වන පහත සඳහන් කටයුතු තහනම්.

1.සියලුම අවදානම් සහිත ඌරන්, ඌරුමස් සහ එම නිෂ්පාදන හෝ රෝගකාරක ද්‍රව්‍ය ආසාදිත හෝ අවදානම් ප්‍රදේශය තුළ හෝ ප්‍රදේශයෙන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම.

2.ආසාධිත සතුන් ඝාතනය කිරීම.

3.රෝග අවදානමකට ලක්ව සිටින සතුන් සඳහා කෘතිම අභිජනන ක්‍රම භාවිත කිරීම.

4.අවදානම් සතුන් භාවිත කොට ගෙන සජීවි සත්ත්ව වෙළෙඳපොළ පැවැත්වීම, දර්ශනය හා තරග පැවැත්වීම.

5.ඌරන්, ඌරුමස් සහ එම නිෂ්පාදන හා රෝගකාරක ද්‍රව්‍ය විකිණීම, විකිණීමට පාත්‍ර කිරීම, ගබඩා කිරීම හෝ බෙදාහැරීම සහ ඌරුමස්වලින් නිශ්පාදන සකස් කිරීම.

6.අදාළ රෝග හේතුවෙන් මරුමුවට පත්වුවා හෝ ආසාධිත වුවායැයි සැකයට හේතු වූ යම් සතෙකුගේ මළකුණක් හෝ එහි කොටසක් හෝ වෙනත් කිසියම් අවදානමට ලක්වූ ද්‍රව්‍යක් හෝ ජලය සම්බන්ධ කිසිදු ස්ථානයකට දැමීම.

7.අදාළ රෝගයන් හේතුවෙන් මරුමුවට පත්වුවා හෝ ආසාධිත වූවා යැයි සැකයට හේතු වූ යම් සතෙකුගේ මළකුණක් හෝ එහි කොටසක් වෙනත් සතුන් විසින් වෙනත් ස්ථානයකට හෝ ප්‍රදේශයකට හෝ රැගෙන යාමට හැකි පරිදි යම් ස්ථානයක දැමීම හෝ ස්ථාන ගත කිරීම තහනම් වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka