gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඩේසි ආච්චිගේ මැණික් මල්ල මතක් වුනා… රත්තරන්ගේ බෑණා කෙනෙකුගේ නිවසේ තිබී හමුවුන සුඛෝපභෝගි රථ දෙක හිතවතෙක් ගෙනත් දැම්මලු!

හිටපු අමාත්‍ය රෝහිතගේ අබේගුණවර්ධනගේ බෑණා කෙනෙකුගේ නිවසේ සඟවා තිබිය දී සොයාගත් ලියාපදිංචි නොකළ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ කාර් රථය හා මිට්සුබිෂි වර්ගයේ ජීප් රථය හිතවතෙකු විසින් තම නිවසට රැගෙන ආ බව චෝදනාවට ලක් වූ පුද්ගලයා පොලිසියට පවසා තිබේ.

මහනුවර අනිවත්ත ප්‍රදේශයේ මෙම වාහන සඟවා තැබූ නිවසේ හිමිකරුවන ඉසුරු සේරම් සද්ධාතිස්ස නැමැති අය මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ අදාළ ලියකියවිලි කඩිනමින් ලබාදෙන බවය.

මහනුවර නගරයේ ප්‍රකට වාහන අලෙවි ව්‍යාපාරයක් පවත්වාගෙන යන පවුලක සාමාජිකයෙකු වන මෙම පුද්ගලයා පොලිසියට එසේ පැවසුවත් ඊයේ (22) පස්වරුව වනවිටත් අදාළ ලියකියවිලි පොලීසියට ඉදිරිපත් කර නොතිබිණි.

මෙම වාහන මෙටර දී එකලස් කරන ලද ඒවාද නැතහොත් වාහන ලෙස ගෙන එන ලද ඒවාද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට පොලීසිය පියවර ගෙන තිබේ.

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ගේ දියණිය විවාහ වී සිටින පුද්ගලයා ගේ සහෝදරයෙකු වන ඉසුරු සේරම් සද්ධාතිස්ස නැමැති අය ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු මුදාහැර තිබේ.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායකගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka