gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ලලිත් – කූගන් අතුරුදහන්වීමේ නඩුවට යාපනය හැර වෙන ඕනෑම මහේස්ත්‍රාත් අධිකරණයක දී සාක්ෂි දෙන්න සූදානම්…. ගෝඨාගේ නීතිඥවරු අධිකරණයට දන්වති!

ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදහන් වීම සම්බන්ධව මේ වනවිට විභාග වෙමින් පවතින නඩුවේ සාක්ෂිකරුවෙක් වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සාක්ෂි ලබා දීම සඳහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හැර ශ්‍රී ලංකාවේ ඕනෑම මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවේ පෙනී සිටීමට කැමැත්ත පළ කර ඇති බව ඔහුගේ නීතීඥ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

යාපනයේ පදිංචි ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන අතුරුදන් වූ සමාජ ක්‍රියාකාරීන් දෙදෙනකුගේ පවුල්වල අය විසින් ගොනු කළ පෙත්සමක් සම්බන්ධව අධිකරණයට කරුණු දක්වමින් හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරයා මගින් මේ බව දන්වා සිටියේය.

මෙම සමාජ ක්‍රියාකාරීන් අතුරුදන් වූයේ රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදීය.

2011 දෙසැම්බර් 10 වැනිදා අතුරුදහන් වූ සමාජ ක්‍රියාකාරීන්ගේ ඥාතීන් විසින් ගොනු කර ඇති හබයාස් කෝපුස් නඩුවකට සාක්ෂි දීම සඳහා 2019 සැප්තැම්බර් 27 වැනි දින පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු ජනාධිපතිවරයාට මීට පෙර නොතීසි නිකුත් කර තිබුණි.

ගෝඨාභය රාජපක්ෂ එවකට ජනාධිපති අපේක්ෂකයෙක් විය. ඔහුගේ නීතීඥ කණ්ඩායම විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්‍ෂාව පිළිබඳ කරුණු දක්වමින් එම නියෝගය බල රහිත කරන ලෙස අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර එය අධිකරණය විසින් අනුමත කරන ලදී.

මේ  අතර අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් වීරරාජ් සහ මුරුගානන්දන්ගේ දෙමාපියන් සහ ඥාතීන් විසින් අභියාචනයක් ගොනු කරනු ලැබූහ. මෙම නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබිනි.

විනිසුරුවරු පෙත්සම නැවත සලකා බැලීම මාර්තු 18 වැනිදාට දින නියම කළහ. අතුරුදන් වූ ක්‍රියාකාරීන්ගේ පවුල් වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ පෙනී සිටියේය.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka