ජොන්ස්ටන්ට අසනීපයිලු.. බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන්නැයි ඉල්ලයි!
මේ වනවිට බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ගන්නා ලෙසට පක්ෂ විපක්ෂ හිටපු මැති ඇමතිවරුන් පිරිසක් ඉල්ලීම් ඉදිරිපත් කරන බව වාර්තා වේ.
සායනික වෛද්‍ය වාර්තාවන් සහ විවිධ වෛද්‍ය වාර්තාවන් ඉදිරිපත් කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු විවිධ රෝගයන්ගෙන් පීඩා විදින්නෙකු බවට පවසමින් එම ඉල්ලීම් ඉදිරිපත් කරන බවද වාර්තා වේ.
හිටපු මැති ඇමතිවරුන් එලෙස ඉල්ලීම් කලද උසාවිය නියෝගයකින් හැර බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමට නොහැක.
ජොන්ස්ටන්ට අසනීපයිලු.. බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන්නැයි ඉල්ලයි!
2024-10-25T07:33:00+05:30
Gossip Lanka Hot News





