gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දරුවන්ගේ කීම අහන්නැතිව අපට ජන්දය දෙන්න - තොණ්ඩමන් වතු කම්කරුවන්ට කියයි

ජනාධිපතිවරණයේදි තම දරුවන්ගේ කැමැත්තට අනුව වතුකරයේ ජනතාව ජන්දය භාවිතා කල බවත්, මහ මැතිවරණයේදි සිය කැමැත්තට අනුව ලංකා කම්කරු කොන්ග්‍රසය කෙරෙහි විශ්වාසය තබා අලියා සලකුණට ජන්දය භාවිතා කරන ලෙස ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිහ.

එක්සත් ජාතික සන්ධානයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයට අලියා සලකුණින් තරග කරන ජිවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ (16) දින නොර්වුඩ් නිව්වැලි වත්තේදි මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමිණි.

ගත වු සිව් වසර තුල තමන්ට ලැබුණු ප්‍රතිපාදන අනුව වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමට කටයුතු කල බවත්, වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමට මෙතෙක් අවස්තාව ලැබුණේ එක්සත් ජාතික පක්ෂ රජයන් යටතේ පමණක් බවයි ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ.

වතුකරය නියෝජනය කරන දේශපාලන පක්ෂ වලට ලැබෙන ජන්ද ප්‍රතිශතය අඩු කිරිමට ස්වාධින කණ්ඩායම් කිහිපයක් නියෝජනය කරමින් වතුකරයේ තරුණ කණ්ඩායම් කිහිපයක් කටයුතු කරන බවත්, එම කණ්ඩායම් වලට හසු නොවි අලියා සලකුණ දිනවිමට කටයුතු කරන ලෙසයි ජිවන් තොණ්ඩමන් මහතා ඉල්ලා සිටියේ.

කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරතව සිටින තම දරුවන් මැතිවරණ කාලයේ නිවසට පැමිණ ජන්දය අහවල් සලකුණට ලබාදෙන ලෙස පවසා යලිත් ඔවුන් රැකියා ස්ථාන වෙත යන බවත්, ඉන් අනතුරුව වතුකරයේ රැදි සිටින්නේ වතු කම්කරුවන් බවයි ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටා සිටි විශාල පිරිසක් මේ වන විට විවිධ දේශපාලන කණ්ඩායම් වලට බෙදි මහ මැතිවරණයට ඉදිරිපත් වි ඇති බවත්, ලංකා කම්කරු කොන්ග්‍රසය කිසි දිනක දේශපාලන වාසි තකා කටයුතු නොකරන පක්ෂයක් බවයි ජිවන් තොණ්ඩමන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka