gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අස්වීමේ ලිපිය බාරගන්නෙ නෑලු! නායකතුමා හෝ පක්ෂය අපහසුතාවයට පත්කරන්නේ නෑලු! දිගටම ඡන්දෙ වැඩ කරගෙන යනවාලු! හිරුණිකා දැන් කියන කතාව! (VIDEO)

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ මහ මැතිවරණයේදී තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සාර්ථකව සිදුකර ගැනීමට අවශ්‍ය නිසා බවත් ඒ සඳහා වෙනත් කිසිදු දේශපාලන හේතුවක් බලපා නැති බවත් මහ මැතිවරණයක් ආසන්න මොහොතක සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරය දරමින් රට පුරා එම වැඩ කටයුතු සිදුකරගෙන යාම තමන්ට මේ මොහොතේ අපහසු බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළාය.

ඊයේ (16) දින සමගි ජන සන්ධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය මෙසේද පැවසුවාය.

‘‘සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් මම ඉල්ලා අස්වීමට තීරණය කළේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෝ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අපහසුතාවයට පත් කරන්න හිතාගෙන නෙවෙයි. සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් මා ඉල්ලා අස්වීමට තීරණය කළේ වෙනත් කාරණා කීපයක් නිසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී පැවැති ජනහමු ගණනාවකට සමගි වනිතා බලවේගය නියෝජනය කරමින් මා සහභාගි වුණා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කඩුවෙලා ආසනයේ දේශපාලන කටයුතු මට හරියාකාරව සිදු කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම මම ඉදිරිපත් වන මහ මැතිවරණය සඳහාත් මෙවර අවධානය යොමු කළ යුතුව තිබෙනවා.


සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායකවරිය විදිහට මට වැඩ කටයුතු තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි. මුළු ලංකාවම ආවරණය වන පරිදි සිදුකළ යුතු වැඩ ප්‍රමාණයක් මා හට පැවරී තිබෙනවා. ඒ වගේම සමගි වනිතා බලවේගය ඇතුළු සමගි ජන බලවේගයේ සංවිධාන වල තනතුරු අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරනවා. ඒ නිසා මෙවර මහ මැතිවරණයේදී සමගි වනිතා බලවේගයේ වැඩකටයුතු වෙන කෙනෙකුට පැවරුවොත් හොඳයි කියලා මම කල්පනා කළා. ඒ නිසා තමයි මම සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වන බවට වන ලිපිය සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට භාර දුන්නේ. නමුත් මහලේකම්වරයා එම ලියුම භාර ගැනීමට සූදානම් නැහැ. නමුත් මම මගේ මතය වෙනස් කරලා නැහැ. සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට මා තීරණය කළේ මහ මැතිවරණයේදී මගේ ප්‍රචාරණ කටයුතු සාර්ථකව සිදුකර ගැනීමට අවශ්‍ය නිසයි. මම වගකීමක් බාරගන්නේ වැඩේ හරියටම කරන්න පුළුවන් නම් විතරක් පමණයි. ඒ වගේම සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරය දරමින් රට පුරා ඒ වැඩ කටයුතු සිදුකරගෙන යාම මට මේ මොහොතේ අපහසුයි.


ඒ වගේම මම කිසිම දවසක සමගි ජන බලවේගයට හෝ සමගි ජන සන්ධානයට හානියක් කරන්න කටයුතු කරන්නේ නැහැ. සමගි ජන බලවේගය කියන්නේ අපි විශාල කැපකිරීමක් සිදුකර ගොඩනගා ගත් දේශපාලන පක්ෂයක්. සමගි ජන බලවේගය ඉදිරියට ගෙනයාමට සහ සමගි ජන බලවේගයට ශක්තිය ලබාදීම අපි සියලු දෙනාගේ වගකීමක්. සමගි ජන බලවේගය කඩා වැටීමට බලපාන කිසිදු හින්දු තීරණයක් මම ගන්න සූදානම් නැහැ. ඒවගේම සමගි ජන බලවේගය කඩාවැටීමට මම කිසිම දවසක ඉඩ ලබා දෙන්නේ නැහැ. ජනාධිපතිවරණයේදී සමගි වනිතා බලවේගය හරහා විශාල වැඩ කොටසක් සිදු කළේ සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවන්න. ඒ නිසා පක්ෂය තුළ කිසිදු ප්‍රශ්නයක් ඇති වීමට අපි ඉඩ දෙන්නේ නැහැ. පක්ෂය තුළ ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ සම්බන්ධයෙන් කතාබහ කර විසඳුමක් ලබාගෙන තමයි ඉදිරියට යන්නේ. නායකතුමා මගේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දීලා ඒ ප්‍රශ්නය විසඳපු නිසා තමයි මම අද මහ ලේකම්තුමා සමග මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වුණේ. ඒවගේම සජිත් ප්‍රේමදාස මහතා විශ්වාස නිසා තමයි අපි තවමත් සමගි ජනපලවේගය සමඟ දේශපාලනය කරන්නේ.


ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතාව රටේ ජනාධිපති කරන්න අපි විශාල උත්සාහයක් ගත්තා. නමුත් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට අපට නොහැකි වුණා. මෙවර පැවැත්වෙන මහ මැතිවරණයේදී අපි ආණ්ඩුව බලය ලබා ගැනීමට තමයි උත්සාහ කරන්නේ. මහ මැතිවරණයේදී වැඩි මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් දිනා ගැනීමට තමයි අපි මෙවර උත්සාහ කරන්නේ. ඒ සඳහා සිදුකළ හැකි උපරිම කැප කිරීම සිදුකරන්න මම කටයුතු කරනවා.‘‘
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka