gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ත්‍රස්ත ප්‍රහාරයක්! – තවත් සැකකටයුතු කිහිපදෙනෙක් ගැන අනාවරණයක්!

මෙරට විදේශ සංචාරකයන් බහුලව රැඳී සිටින ප්‍රදේශයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පවතින බවට ලද තොරතුරු මත වැඩිදුර විමර්ශන සිදුකරන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනකු රඳවාගෙන ප්‍රශ්න කරන බවත්, ඒ අනුව තවත් සැක කටයුතු පුද්ගලයන් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

මෙම සිද්ධියට අදාළ වැඩිදුර කරුණු අනාවරණය කරගැනීම සඳහා බන්ධනාගාරගතව සිටින සැකකරුන් කිහිපදෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර දෙන ලෙසත් පොලිසිය විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදි.

එම ඉල්ලීමට අවසර දුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන පරීක්ෂණවල ප්‍රගතියේ ඉදිරියේදී වාර්තා කරන ලෙසත් නියෝග කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka