gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සජිත් විශ්‍රාම දිවිය හොඳින් ගතකරන්න... මම සුබ පතනවා - දිලිත් ජයවීර

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට විශ්‍රාම දිවිය හොඳින් ගතකරන්න පුළුවන් වේවා කියා තමන් සුබ පතන බව සර්වජන බලය නායක ව්‍යවසායක දිලිත් ජයවීර සදහන් කරයි.

දිලිත් ජයවීර තවදුරටත් සදහන් කළේ,

“අපේ මැතිවරණ ව්‍යාපාරය දැන් අපි ආරම්භ කරලා තියෙනවා. මේ රටේ විවිධ දේශපාලනඥයින් මැත කාලයේදී අනුගමනය කළ ආත්මාර්ථකාමී දේශපාලන ප්‍රතිපත්ති සහ වැඩපිළි‍වෙළ නිසා යම් කිසි හානියකට පත්වන්න සිදුවුණේ ප්‍රාදේශීය දේශපාලනඥයින්ට.

එය බොහෝ විට ඒ දේශපාලන පක්ෂවල නායකයින් විසින් හැසිරෙණ විදිහ, ඔවුන්ගේ දූෂිත ගණුදෙනු මේ සියල්ල හේතුවුණා. එය නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගය අපි ආරම්භකළා. එහි ප්‍රතිඵලයක් ලෙස අපිට පුළුවන් වුණා හැම දිස්ත්‍රික්කයකම වාගේ ජනතා නියෝජනයක් ඇති නායකයින් අපහා එකතුකරගන්න.

සජිත් ප්‍රේමදාස දැන් විපක්ෂ නායක ධුරයෙන් විශ්‍රාම ගතයුතු කාලය එළැඹ තිබෙනවා මම හිතන්නේ. ඒක ඔහුගේ පක්ෂය ඇතුළෙත් විශ්වාසකරන තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. ඉතින් එතුමාට සුබ පතනවා. ඒ විශ්‍රාම දිවිය හොඳින් ගතකරන්න පුළුවන් වේවා කියලා.

එතකොට මේ රටට ප්‍රබුද්ධ විපක්ෂයක් අවශ්‍යයයි කියලා ජනතාව විශ්වාසකරන බව අපේ හැගීම. ඒ ප්‍රබුද්ධ හා අභීත විපක්ෂය අපේ සර්වජන බලය කේන්ද්‍රීය එඩිතර විපක්ෂයක් නිර්මාණය කිරීම අපේ අරමුණ.”

මාධ්‍ය හමුවකට එක්වෙමින් සර්වජන බලය නායක ව්‍යවසායක දිලිත් ජයවීර මේ බව සඳහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka