gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහලේකම් තුමා ඉල්ලා අස් වෙලා ජාතික ලයිස්තුවෙන් මාව ගන්න - දමිතා රන්ජිත් මද්දුමබණ්ඩාරට කියයි!

මෙපමණ දෙයක් සිද්ධ වීමෙන් පසුත් සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුබණ්ඩා නාමයෝජනා ලයිස්තුවෙන් තම නම ඉවත් වී ඇත්තේ සන්නිවේදනයේ ප්‍රශ්නයක් යැයි කියනවා නම් මහලේකම්වරයා ඉවත් වී තමන්ට ජාතික ලයිස්තුවෙන් අවස්ථාව ලබා දෙන ලෙස රංගන ශිල්පිනී දමිතා අබේරත්න අද එම පක්ෂයේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටියාය.

සමගි ජන බලවේගයේ ක්‍රියා පිළිවෙත ගැන බරපතල කලකිරීමක සිටින බවත් සමගි ජන බලවේගය සමග දීර්ඝ ගමනක් යෑමට දර දිය ඇද්ද තමන් දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බවත් අද ප්‍රකාශ කළාය. ඇය කීවේ සමගි ජන බලවේගය තමන්ව කඩේ ඇරියා දැයි දැන් තමන්ට සිතෙන බවය.

සිද්ධිය පිළිබඳව තමන් පැමිණිල්ලක්වත් නොකළ බව මහලේකම් වරයා කරන ප්‍රකාශය සම්බන්ධව කලකිරෙන බව කී දමිතා අබේරත්න පැවසුවේ මුලු රටටමත් පක්ෂයේ නායකත්වයටත් පැමිණිලි කළ බවත් පක්ෂයේ නායකත්වය සිද්ධිය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කිරීම සඳහා සහතික වූ බවත් ඇය ප්‍රකාශ කළාය. ප්‍රතිපත්ති සහ ප්‍රජාතන්ත්‍රවාදය නැති පක්ෂය ගැන කලකිරුණත් නායකත්වය සම්බන්ධයෙන් ඇති කරගත් විශ්වාසයෙන් යුතුව බලා සිටින බව දමිතා මෙසේ ද පැවසුවාය.

” දිගින් දිගට බොරු කියන එක ඉවසගන්න බැරිව තමයි මම මේ ඇත්ත එළියට දැම්මේ. හේෂා මට කලින් කිව්ව නම් රත්නපුරේ කෙනෙක්ව දාන්න වෙනවා. අක්කේ ඔයාට අයින් වෙන්න වෙනවා. අක්ක වෙන තැනකින් ඉල්ලන්න කියලා. කලුතරින් මට ආරාධනා තිබුණා. මට ලංකාවේ ඕන තැනකින් නොමිනේෂන් ගන්න තිබුණා. නමුත් මම කොන්දේසි විරහිතව පක්ෂෙත් එක්ක වැඩ කළ කලාකාරිනියක්. ඇත්තටම ඒ ගොල්ල වැඩ කළේ දමිතා අබේරත්න මරලා දාන්න.””

මම දැක්කා මහලේකම් වරයා ඇවිත් රූපවාහිනී වැඩ සටහනක කියනවා සන්නිවේදනයේ ප්‍රශ්නයක් නිසාලු මෙහෙම උනේ කියලා. මේවා විහිලු. මහලේකම් තුමනි. ඔබතුමාට මම තාත්තා කෙනෙක් වගේ ගරු කරපු පුද්ගලයෙක්. මේ වගේ වගකීම් විරහිත ප්‍රකාශ කරන්නට එපා ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා. ”

“ඉතින් මහලේකම් තුමා කියනවා නෙ සන්නිවේදනයේ ප්‍රශ්නයක් කියලා. එහෙමනම් ජාතික ලයිස්තුවෙන් ඔබතුමා අයින්වෙලා හරි මාව දාන්න. ” දමිතා අබේරත්න පැවසුවාය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka