gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

නායකයා නිසා තවමත් ඉවසනවා… ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින් මගෙ කට ඇරුණොත් පක්ෂයත් කුඩු වෙනවා - දමිතා කියයි

සදාචාරාත්මක නොවන ලෙස අවසාන මොහොතේ සිය නම රත්නපුර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග නාමයෝජනා ලයිස්තුවෙන් ඉවත් කිරීම පිළිබඳව පක්ෂයේ අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නේ නම් එය සිදුවිය යුත්තේ පක්ෂයේ මහලේකම්, රත්නපුර දිස්ත්‍රික් නායක හේෂා විතානගේ, පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නාමයෝජනා මණ්ඩලය ඉදිරියේ දි බව දමිතා අබේරත්න පවසයි.

Talk wwith Sudaththa යූ ටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක් වෙමින් දමිතා අබේරතන් ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය වෙනුවෙන් තමන් පරදුවට තැබුවේ දශක ගණනාවක් පුරා අසීරුවෙන් ගොඩනගා ගත් තම වෘත්තීය අභිමානය, ජාතික තලයේ කලාකරුවෙක් ලෙස ලබා ගත් අන්තර්ජාතික ඇගයීම්වලින් පවා ලැබූ ජනතා ආදරය,  ප්‍රසාදය සහ කීර්තිය බවය.

ඒ කිසිවක් සම්බනධව තක්සේරුවක් නොකර අවසාන මොහොතේ දී සදාචාරාත්මක නොවන ලෙස තමන්ගේ නම නාමයෝජනා ලයිස්තුවෙන් ඉවත් කිරීමට හේෂා විතානගේ කටයුතු කළේ ඔහුට ඉහළින් තමන් මනාප ලබා ගනු ඇතැයි ඔහු තුළ වූ කුකුස නිසා බව පවසන දමිතා තමන්ට කළ අසාධාරණය සම්බන්ධ ව අනිවාර්යයෙන් සාධාරණයක් ඉටු විය යුතු බව පක්ෂ නායකත්වයට දන්වා ඇතැයි පැවසුවාය.

මේ වනතුරුත් තමන් ඉවසා සිටින්නේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පිළිබඳව විශ්වාසයෙන් මෙන්ම  ඔහු ඉවසීමෙන් සිටින ලෙස තමන්ගෙන් කළ ඉල්ලීම නිසා බවත්,  තමන් ද මනුෂ්‍යයෙක් බැවින් ඉවසීමේ සීමාවක් ඇති බවත් දමිතා කීවාය.

ඒ සීමාව ඉක්මවා ගිය අවස්ථාවේදී තමන්ගේ කට ඇරුණොත් පක්ෂයම කුඩු වී යා හැකි බව ද ඇය අවධාරණය කළාය.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka