gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොලිසියට කරපු පැමිණිලි සති 2ක් ඇතුළත විභාග කළේ නැත්නම් පොලිස්පතිට කියන්න – පැය 48ක් ඇතුළත පැමිණිලි විභාග නොකරන OICලාට වැඩ වරදියි!

පොලිසිය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ඇතුළත කැඳවීමක් නොලැබුණේ නම්, ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිලි කරන ලෙස පොලිසිය දැනුම් දෙයි.

www.telligp.police.lk යන වෙබ් පිටුවට පිවිස එම පැමිණිල්ල ඉදිරිපත් කළ හැකිය.

පොලිස් ස්ථානවලට වාර්තාවී ඇති මෙතෙක් විභාග නොකළ සහ විභාග කර අවසන් නැති විවිධ පැමිණිලි සති 2ක් තුළ විභාග කර අවසන් කරන්නැයි වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය නියෝග කර ඇත.

පළාත්භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ඉහළ නිලධාරින්ට වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දෙන්නේ, ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස්කර ක්‍රියාත්මක කරන ලෙසයි.

පොලිස් ස්ථානවලට වාර්තාවී ඇති විවිධ පැමිණිලි විශාල සංඛ්‍යාවක් විභාග නොකර සහ විභාග අවසන් අවසන් කර නොමැති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ නියෝගයේ සඳහන් වේ.

ඒ හේතුවෙන් සුළු සිද්ධියක් වශයෙන් වාර්තා වන විවිධ පැමිණිල්ලක් වඩා බරපතල අපරාධයක් බවට පත්වීම, පොලිසිය කෙරෙහි මහජනයාගේ විශ්වාසනීයත්වය පළුදුවීම වැනි අගතිදායක තත්වයන් ඇති විය හැකි බව ද එම නියෝගයේ දැක්වෙයි.

වැඩබලන පොලිස්පති නිතිඥ ප්‍රියන්ත වීරසුරිය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ, මින් ඉදිරියට පොලිස් ස්ථානවලට වාර්තාවන විවිධ පැමිණිලි වාර්තාවූ දිනයේම විභාග ආරම්භ කිරිමටත් පැය 48ක් ඇතුළත විභාග අවසන් කිරිමටත් පොලිස් ස්ථානාධිපතිවරුන් පියවර ගත යුතු බවයි.

මෙම උපදෙස් අනුව ක්‍රියාකරන්නේ ද යන්න සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය නිවේදිත නිලධාරින් විසින් පරික්ෂා කර ඊට පටහැනිව ක්‍රියාකරනු ලබන ස්ථානාධිපතිවරුන් සම්බන්ධයෙන් තමන් වෙත වාර්තා කළ යුතු බව ද වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka