gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රසායනිකව පිරිපහදු කළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 80,000ක් රට පුරා අලෙවියට!

සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙරට වෙළෙඳපොළ තුළ රසායනික යොදා පිරිපහදු කළ තෙල් වර්ග දේශීය පොල් තෙල් ලෙස අලෙවි කරමින් තිබෙන බවත්, එම නිසා නිෂ්පාදකයාගේ විස්තර ඇතුළු කරුණු ඇතුළත් ලේබලයක් නොමැති කිසිදු පොල්තෙල් වර්ගයක් මිලදී නොගන්නා ලෙසත් ය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසූවේ භාවිත කර ඉවත් කළ ආනයනික තෙල් වර්ග පිරිපහදු කර කිසිදු ලේබලයක් නොමැතිව වෙළෙඳපොළේ අලෙවි කරන බවත්, එම තෙල් වර්ග ආහාරයට ගැනීම නිසා ජනතාව දරුණු රෝගාබාධවලට ලක්විය හැකි බැවින් මෙම දැනුවත්කිරීම සිදුකරනා බවයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ පොල්තෙල් මිලදී ගැනීමේදී එම තෙල් නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය, කල් ඉකුත්වන දිනය, නිෂ්පාදිත දිනය ඇතුළු කරුණු රැසක් එහි ඇතුළත් විය යුතු බවත් එවැනි පොල්තෙල් ආහාරයට ගෙන සෞඛ්‍යයට යම් අහිතකර තත්ත්වයක් උදාවුවහොත් එම නිෂ්පාදකයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බවත් ය.

ඔහු පවසන්නේ මේ වසර තුළ පිරිසිදු කරන ලද තෙල් මෙට්‍රික් ටොන් 80,000 රටට ගෙන්වා ඇති බවට රේගු වාර්තා සඳහන් කරන අතර එම තෙල් කිසිදු සන්නාමයකින් තොරව වෙළෙඳපොළට මුදාහැර ඇති බවයි.

ද්ධික ද සිල්වා මහතා පවසන්නේ දේශීය වෙළෙඳපොළට මාසිකව පොල්තෙල් මෙට්‍රික් ටොන් 12,000ක් අවශ්‍ය බවත් දේශීය නිෂ්පාදකයන්ට මසකට මෙට්‍රික් ටොන් 25,000ක් නිපදවීමේ හැකියාව පවතින බවත් දේශීය වෙළෙඳපොළ තුළ අඩු මිලට පොල්තෙල් සැපයීම සඳහා අමුද්‍රව්‍යයක් ලෙස පොල් මද ආනයනය කිරීමට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් එවක සිටි බලධාරීන් ඊට අනුමැතිය ලබානොදුන් බවයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka