gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නාමල් සිටියදීම ජනහමුවක CBට හූ තියයි..

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (25) දින පස්වරුවේ කොත්මලේ පුඩළුඔය නගරයේ පැවති 2024 මහ මැතිවරණ රැස්විමකට සහභාගි වු හිටපු පා.ම සි.බි රත්නායක මහතා සභාව ඇමතිමට උත්සහ කිරිමේදි පාක්ෂිකයන්ගේ විරෝධය මතු වි ඇත.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය සදහා තරග කරන අපෙක්ෂකයන් හදුන්වාදිම සදහා මෙම රැස්විම සංවිධානය කර තිබු අතර, එහිදි සි.බි රත්නායක මහතා රැස්විම ඇමතිමට සුදානම් විමත් සමග පාක්ෂිකයන් කෑගසමින් කියා සිටියේ තමන් පැමිණියේ නාමල් රාජපක්ෂ මහතාගේ කතාව ඇසිමට පමණක් බවත්, සි.බි රත්නායක මහතාගේ කතාව ඇසිමට නොවන බවයි.

මද වේලාවක් එම උණුසුම් තත්ත්වය පැවති අතර පසුව නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත් විමෙන් පසු සි.බි රත්නායක මහතා රැස්විම අමතනු ලැබුහ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka