WM මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට අද අධිකරණය විසින් මාස හයක නියම කර ඇත. ඒ රජයට අය විය යුතු රුපියල් කෝටි 355ක වැට් බදු ගෙවීම් පැහැර හැරීමට අදාලවයි.
කොළඹ අතරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා මෙම නියෝගය නිකුත් කලේය.
හිග බදු මුදල් ගෙවන ලෙසට 2023.11.14 අධිකරණය විසින් කරන ලද නියෝගය පැහැර හැරීම හේතුවෙන් මෙම දඬුවම නියම කරමින් අධිකරණය කියා සිටියේ අද දිනයේදී අදාල බදු මුදල් නොගවන්නේ නම් මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කරන බවය.