විසුරුවීමේ ගැසට්ටුවේ වරදක්.. අධිකරණයට පෙත්සමක්.. මැතිවරණය හබක්..
නොවැම්බර් මස 14 වැනි දිනට දින නියම කර ඇති පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි. ඒ එම දිනයේ පාර්ලිමේන්තු මැතිවරණය නියම කිරීම ව්‍යවස්ථා විරෝධී බව කියමිනි.
පෙත්සමකරුවන්ගේ තර්කය වන්නේ ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට පාර්ලිමේන්තුව විසුරුව දා සිට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි ආසන්නම දිනය නොවැම්බර් මස 14 වන දින නොවන බවය.
එනිසා මේ සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගැනීමට අදාළ පෙත්සම්කරුවන්ගේ බලාපොරොත්තු වෙයි.
සමාජ ජාලාවල මේ සම්බන්ධයෙන් මත පල වෙමින් ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය පමණක් වෙනස් වීමේ සිට නැවත නාම යෝජනා කැඳවීම දක්වා ඕනෑම දෙයක් මේ අනුව සිදු වීමේ ඉඩකඩක් ඇති බවය.
විසුරුවීමේ ගැසට්ටුවේ වරදක්.. අධිකරණයට පෙත්සමක්.. මැතිවරණය හබක්..
2024-10-17T22:50:00+05:30
Gossip Lanka Hot News






