ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ලෙබනනයේ සිට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ සිසේරියා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවස වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. පුපුරන ද්‍රව්‍ය ඇටවූ එම ඩ්‍රෝන යානයට ඊශ්‍රායල හමුදාව පහර දී ඇති අතර, එම ප්‍රහාරයෙන් හානි වූ යානය නිවසේ හැපුණු බව පැැවසෙයි. කෙසේ නමුත් එයින් හානියක් සිදු නොවිණි.
එම අවස්ථාවේදී නිවසේ ද කිසිවකු නොසිටි බව පැවැසෙයි. නිවස පිහිටි සිසේරියා ප්‍රදේශය පිහිටා ඇත්තේ ටෙල් අවීව් අගනුවරට උතුරු දෙසිනි.
කිසිම සමාවක් නැහැ - නෙදන්යාහු
තම පෞද්ගලික නිවසට පහර දී, තමා සහ බිරිඳ ඝාතනය කිරීමට හිස්බුල්ලා සටන්කාමීන් උත්සහ ගැනීම බරපතල වරදක් බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පෙන්වා දෙයි.
හිස්බුල්ලා සටන්කාමීන්ට කිසිදු සමාවක් නොලැබෙන බව ද අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අවධාරණය කර ඇත.
අග්‍රාමාත්‍යවරයා මෙසේ අවධාරණය කළේ ඊශ්‍රායලයේ සිසේරියා පළාතේ පිහිටි ඔහුගේ නිවසට හිස්බුල්ලා සටන්කාමීන්, ප්‍රහාරයක් සඳහා පුපුරන ද්‍රව්‍ය ඇටවූ ඩ්‍රෝන යානයන් එවූ බැවිනි.
තමන්ට, තම පවුලේ සාමාජිකයන්ට හෝ ඊශ්‍රායල වැසියන්ට අනතුරක් කිරීමට උත්සාහ ගන්නා ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කරන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.