තමන් තාවකාලිකව දේශපාලනයෙන් ඉවත්වන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වල්ල අද (13) මහනුවර දී පැවසුවේය. අධිකරණ තීන්දුව ලැබෙන තෙක් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවට පාක්ෂිකයින්ට දැනුම් දිම සඳහා මහනුවර දෙවන රාජසිංහ මාවතේ පිහිටි ඕක්රේ හෝටලයේ රැස්වීමක් පවත්වා ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කළේය.
නිර්දෝෂි පුද්ගලයෙකු ලෙස නැවත දේශපාලනයට පිවිසීම තම බලාපොරොත්තුව බව කී රඹුක්වැල්ල තමන්ට අධිකරණයෙන් සාධාරණය ඉටුවනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බව කීවේය.
දේශපාලයෙන් තාවකාලිකව සමුගැනීම නිවේදනය කරනු ලබන්නේ මහජන ප්‍රසාදය පෙර පරිදිම පවතින තත්ත්වයක් තුළ බවත් තමන් දේශපාලනික වශයෙන් අනාථ වූවෙකු නොවන බවත් ඔහු කීවේය.
ව්‍යාපාරිකයෙකු ලෙස තමන් හරි හම්බ කරගත් මුදල් වල වටිනාකමට වඩා දේශපාලනයේ නිරත වීමෙන් ලද ජනතා ආදරය වටිනා බව ද හෙතෙම අවධාරණය කළේය