gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ජනතාව අපිව පත් කළේ රනිල්ගෙන් ඉගෙන ගෙන රට පාලනය කරන්න නෙවෙයි.. රනිල්ට හරිනිගෙන් උත්තරයක්.. (video)

ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැන් තමන්ට ව්‍යවස්ථාව පිළිබඳ ඉගැන්වීමට කතා කිරීම හාස්‍යයට කරුණක් බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.
ඇය මේ බව සඳහන් කළේ, කැස්බෑවේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.

මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ජන හමුවක් කැස්බෑවේදී පැවැත්වුණේ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙනි.

එහිදී හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ කළ කතාවකට පිළිතුරු දුන් අගමැතිනිය සඳහන් කළේ, ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කළ පුද්ගලයකු තමන්ට ව්‍යවස්ථාව ඉගැන්වීමට සැරසීම ඉතා හාස්‍යයට කරුණක් බවය.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ නිවසට වී විශ්‍රාම ගත යුතු බව ද අගමැතිනිය සඳහන් කළාය.

එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ,

“ඇත්ත වශයෙන්ම රනිල් වික්‍රමසිංහට මම ස්තූතිවන්ත වෙනවා අපිට මෙහෙම විහිලු සපයන එකට. ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කරපු, මැතිවරණවලට තියෙන තැන අමු අමුවේ උල්ලංඝණය කරපු රනිල්, ව්‍යවස්ථා සභාව ඔහුට ඕනේ විදිහට තීන්දු තීරණ දුන්නේ නෑ කියලා සාමාජිකයින් බලපෑම් කරමින් ව්‍යවස්ථා සභාවේ නියොගවලට ගරු නොකරමින් ඉතාම උඩඟු විදිහට ඔහුට අවශ්‍ය විදිහට ව්‍යවස්ථාව අර්ථකථනය කරමින් පාලනය කරන්න උත්සහ කරපු රනිල් නිසි පිළිතුර මේ රටේ ජනතාව එක පාරක් නෙවෙයි මං හිතන්නේ ඕන තරම් වතාවල් දීලා තියෙනවා…

ජනතාව අපිව පත් කළේ රනිල්ගෙන් ඉගෙන ගෙන රට පාලනය කරන්න නෙවෙයි. රනිල්ගේ ක්‍රමය ප්‍රතික්ෂේප කරලා තමයි ජනතාව අපිට බලය දුන්නේ…”

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka