gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමඟ කොළඹ  එම පක්ෂ මූලස්ථානයේදී අද (3)  එක්වූහ.

මේ අනුව රාජකා වික්‍රමසිංහ මහත්මිය එම පක්ෂයේ කෑගලු දිස්ත්‍රික් සහ දැදිගම සංවිධායකවරිය ලෙස පත් කරනු ලැබුවාය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතා පොළොන්නරු දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂ සංවිධායක ලෙස පත් කරනු ලැබ සිටී.

මේ අතර චමිදු කුමාරසිංහ මහතා පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙසත් තක්ෂිල ප්‍රේමසිරි මහතා මහනුවර උඩුනුවර සංවිධායකවරයා ලෙසත් පත් කරනු ලැබ සිටිති.

සංජීව සුරවීර මහතා මහනුවර හේවා හැට සංවිධායකවරයා ලෙසත් තක්ෂිලා සෙනවිරත්න මහනුවර යටිනුවර සංවිධායක ලෙස තුසිත තිලංක ජයසිංහ මහතා රත්ගම සංවිධායකවරයා ලෙස පත් කරනු ලැබූ බව මව්බිම ජනතා පක්ෂය පවසයි.
(සුජිත් හේවාජුලිගේ)
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka