gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

චම්පිකත් සජිත් දාලා යයි

පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණ එළඹෙන මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග තවදුරටත් කිසිදු දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධ නොවන බව පවසයි.

සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ලිපියක් නිකුත් කරමින් එක්සත් ජනරජ පෙරමුණේ ලේකම් බන්දුල චන්ද්‍රසේකර මහතා මේ බව දැනුම් දී තිබේ.

මෙම ලිපිය මඟින් එක්සත් ජනරජ පෙරමුණ පෙන්වා දෙන්නේ සමගි ජන බලවේගය සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුකූලව මහා මැතිවරණ ක්‍රියාවලිය තුළ එම පක්ෂය ක්‍රියා කර නොමැති බවය.

ඒ අනුව, ඉදිරි මහා මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහය නොදක්වන බවත් සමගි ජන සන්ධානයෙන් ඉවත් වන බවත්  එක්සත් ජනරජ පෙරමුණ අවධාරණය කර තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka