gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ රජය රැක ගත යුතුයි… විපක්ෂයේ සතුරු කඳවුරට එක්වීමට අවශ්‍ය නැති බැවින් විමල් මහ මැතිවරණයට තරග නොකරන බව කියයි!

විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ මෙවර මහ මැතිවරණයට තරග නොකර සිටීමට තීරණය කර තිබේ. දීර්ඝ වශයෙන් ගොලීය දේශපාලන තත්ත්වයන් සම්බන්ධව විවරණයක් කරමින් නිවේදනයක් නිකුත් කරන විමල් වීරවංශ පවතින රජය ආරක්ෂා කරගැනීමේ ජාතික වගකීම අවධාරණය කරමින් ජනතා අපේක්ෂාවන් ව්‍යනසයට ලක් කරන විපක්ෂයේ භූමිකාවට සූදානම් නැති බව ද දන්වා සිටී.

විමල් වීරවංශ විසින් නිකුත් කළ නිවේදනයේ කොටසක් පහත දැක්වේ.

“මේ වන විට රටේ ජනතාව නිදහස් සහ සාමකාමී මැතිවරණයක් මගින් ජනාධිපතිවරයා තෝරාපත් කරගෙන ඇත. නමුත් ශ්‍රී ලංකාවට හතුරු විදේශීය බලවේගවල අපේක්ෂාව වූයේ එවැනි තත්ත්වයක් නොවන බව ජනාධිපතිවරණයට පෙර යම් රටවල් විසින් සංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන තම රටවැසියන්ට නිකුත් කළ අනතුරු ඇඟවීම්වලින් පැහැදිලි විය. ජනාධිපතිවරණ ප්‍රතිඵල ආශ්‍රිතව ඇති වන අවිනිශ්චිත තත්ත්වයන් දඩමීමා කර ගනිමින් ගැටුම් ඇවිලවීම සහ අවසානයේදී බංග්ලාදේශයේ නිර්මාණය කළ තත්ත්වය ශ්‍රී ලංකාවේ ඉරණම බවට පත් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වූ බව දැන් රහසක් නොවේ.

එහෙත් ඒ පිළිබඳව අප විසින් කරුණු සහිතව ඉදිරිපත් කළ අනතුරු ඇඟවීම් රටේ ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම දේශපාලන බලවේග විසින් ගැඹුරින් තේරුම් ගෙන ඊට අනුව කටයුතු කිරීම නිසා එවැනි තත්ත්වයක් වළකා ගත හැකි විය. ඒ පිළිබඳව අප අවංකව සතුටු වන අතර එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා සංවිධානාත්මකව කටයුතු කිරීම පිළිබඳව ගරු ජනාධිපතිතුමන්ට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ද අපගේ ස්තුතිය ප්‍රකාශ කරමු.

ජනතා විමුක්ති පෙරමුණේ අතීත උරුමයට අයිතියක් ඇති සහ ඊට ගරු කරන, අධිරාජ්‍ය විරෝධය මුල් කරගත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප, ජනාධිපතිවරයා බලයට පත් කළ ජනවරම ආරක්ෂා කිරීමට සහ එම ජනවරම නිර්මාණය කළ මහජනයාගේ අපේක්ෂා වෙනුවෙන් පෙනී සිටීමට බැඳී සිටියි. එම තත්ත්වය තුළ මහ මැතිවරණය මගින් සාමාන්‍ය බහුතරය සහිත ආණ්ඩුවක් පිහිටුවීම යනු ඉහත සඳහන් කළ අර්බුදයට මුහුණ දීම සඳහා වන පූර්ව කොන්දේසියක් බවට පත්වේ. ඒ මගින් බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී කල්ලිවල ආණ්ඩුව සමඟ කේවල් කිරීමේ බලය සීමා වේ.

එහිදී ආණ්ඩුව තුළ නියෝජනය නොවන බලවේග සහ විපක්ෂය ලෙස හැඳින්වෙන බලවේගවලට භූමිකාවන් දෙකකින් එකක් තෝරා ගැනීමට බල කෙරේ. පළමුවැන්න සම්ප්‍රදායනුකූල විරුද්ධ විපක්ෂය ලෙස අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට වාසිසහගත භූමිකාවක් ඉටු කිරීමය. අපගේ කියවීම අනුව දෙවැන්න වන්නේ මහජන අපේක්ෂා නියෝජනය කරමින් ආණ්ඩුව පීලිපැනීම වැළැක්වීම සඳහා මඟ පෙන්වීමේ සහ බලපෑම් කිරීමේ භූමිකාවය.

ජාතික බලවේගවලට මානසික බාධක පනවනු ලබන යම් පාර්ශ්ව විසින් එම භූමිකාව ආණ්ඩුවට සහාය දීමක් ලෙස නිර්වචනය කිරීමේ හැකියාව ඇත. ඒ පිළිබඳව අපගේ විරෝධයක් නොමැති අතර එම අභියෝගයට සහ රටේ පවතින බහුතර මහජන මතයට සාපේක්ෂව ගත්විට පාර්ලිමේන්තුව තුළ ඉටු කර කරන භූමිකාවට වඩා පාර්ලිමේන්තුවෙන් පිටත භූමිකාව වඩා වැදගත් සහ බලවත් විය යුතු බව අපගේ දේශපාලන කියවා ගැනීම වේ.

එසේම පාර්ලිමේන්තු මැතිවරණ සටන තුළ සම්ප්‍රදායනුකූල පක්ෂයේ භූමිකාව ඉටු කිරීම මගින් බහුතර මහජන අපේක්ෂා සහ අපගේ අපේක්ෂා අතර ගැටුමක් නිර්මාණය කිරීම අවසාන අරමුණට සාපේක්ෂව නිශේධනාත්මක ක්‍රියාවක් ලෙස අපි කල්පනා කරමු. එම නිසා ජාතික නිදහස් පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස සන්ධානගතව හෝ ස්වාධීනව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තරඟ නොකරන බව රටේ මහජනතාව වෙත ඉතා වගකීමෙන් යුතුව දන්වා සිටිමු.

මෙම තීන්දුව අපගේ පක්ෂයේ සියලුම මට්ටම්වල සංවිධාන යාන්ත්‍රණය තුළ සාකච්ඡා කිරීම මගින් සහ තීන්දු තීරණ ගනු ලබන මණ්ඩප සහ සමූහයන්ගේ එකඟතාව මත ගනු ලැබූ දේශපාලන තීන්දුවක් බව තවදුරටත් දන්වා සිටිමු. එසේම ඉදිරි දින කිහිපය තුළ ඉදිරි මැතිවරණය තුළ සහ ඉන්පසුව ඇති වන දේශපාලන ක්‍රියාන්විතය තුළ බෙදීම ඇතිවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ අපගේ යෝජනා හෙවත් ප්‍රතිපත්තිමය බෙදීමට අදාළ ප්‍රකාශය එළිදක්වන බව ද දන්වා සිටිමු.

අවසාන වශයෙන්, අනුර දිසානායක ජනාධිපතිවරයා ‘දෙවන ගෝඨාභය’ බවට පත්කිරීම සඳහා රටට හතුරු අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට සේවය කරන යම් විපක්ෂ බලවේගවලට උවමනාවක් තිබෙන බවට සැකයක් නැත. එහෙත් අප පක්ෂය එම උවමනාව නියෝජනය කරමින් රට තවදුරටත් අර්බුදයට ගොදුරු කිරීමට දායක නොවන බව ද වගකීමෙන් යුතුව පොදු මහජනතාවට සහතික වෙමු.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka