බෝම්බ බියක් හේතුවෙන් තවත් ඉන්දීය ගුවන් යානයක් කටුනායකට ගොඩබස්වයි!
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට මෙරටට පැමිණි එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් යානයක බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව කටුනායක ගුවන්තොටුපළේදී ඊයේ පස්වරුවේ හදිසි පරික්ෂාවකට ලක් කර තිබෙනවා.
එම අවස්ථාවේ යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 08 දෙනෙකු සහ මගීන් 108 දෙනෙකු සිටි නමුත් කිසිවක් සොයාගැනීමට හැකිවූයේ නැහැ.
මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙලෙස ඉන්දියානු ගුවන් සමාගම්වලට අයත් යානා කටුනායක ගුවන්තොටුපළට ගොඩබස්සවා පරීක්ෂා කරනු ලැබුවේ බෝම්බ තර්ජන එල්ලවීම හේතුවෙන්.
බෝම්බ බියක් හේතුවෙන් තවත් ඉන්දීය ගුවන් යානයක් කටුනායකට ගොඩබස්වයි!
2024-10-29T07:27:00+05:30
Gossip Lanka Hot News






