gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තෙල් සංස්ථාවේ කෝටි 3500 කට විදින්න කුරුමානමක්

මහජනතාවට සහන දෙන්නැයි කියා ෂෙඩ් හිමිකරුවන්ගෙන් අයවිය යුතු රුපියල් කෝටි 3500 (බිලියන 35) ක් කපා ගැනීමට තෙල් සංස්ථාවට දුන් අධිකරණ නියෝගයෙන් තෙල් පෝලිම් ඇති වේ යැයි බියක් මවා එම මුදල ෂෙඩ් හිමිකරුවන්ටම දීමට සංස්ථා බලධාරින් අර අදින බවට වාර්තා විය.

ඡන්දය පැවැත්වීමට යන මොහොතේ මෙම මුදල් කපා ගැනීමට පියවර ගතහොත් ෂෙඩ් හිමිකරුවන් තෙල් ඇණවුම් නොකර සිටීමට හැකි බවත්, එමගින් රටේ තෙල් පෝලිම් නිර්මාණය විය හැකි බවත්, සංස්ථාවේ දූෂණ වංචාවලට සම්බන්ධ හිටපු මැති ඇමැතිවරුන්ගේ කල්ලි භීෂණයක් මවා ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පෙන්වා දෙති.

අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීමට යෑමේදී එයට එරෙහිව ෂෙඩ් හිමිකරුවන් ක්‍රියා කළහොත් අධිකරණයට අපහාස කළ චෝදනාවට එම පිරිස අධිකරණය හමුවට වුව ගෙන යා හැකි බව එම නිලධාරීහු පෙන්වා දෙති.

අධිකරණ නියෝගය ක්‍රියාත්මක කර එම මුදල ෂෙඩ් හිමිකරුවන්ගෙන් කපා ගතහොත් තෙල් මිලෙහි තවත් අඩුවක් කර ජනතාවට සහන දිය හැකි බව නිලධාරීහු පෙන්වා දුන්නද, දූෂිත නිලධාරින් විසින් නව කළමනාකාරීත්වයට අනියත බියක් මවා පා ඇතැයි හෙළි වී තිබේ.

තෙල් සංස්ථාවේ ‘සැප්’ ක්‍රමවේදය මගින් ස්වයංක්‍රීයව එම මුදල් කපා හැරීමට හැකියාව තිබියදී මෙය ක්‍රියාත්මක නොවන බව ‘අරුණ’ට හෙළි විය. මෙම ඉන්ධන පිරවුම්හල්වලින් බහුතරය දේශපාලනඥයන්ගේ ඥාතීන්ගේ නම්වලින් ගත් ඒවා වීමද මෙය ක්‍රියාත්මක නොවීමට බලපා ඇත.

ලෝක වෙළෙඳපොළෙහි මිල ගණන්වල සිදුවන උච්චාවචනයන්ට සාපේක්ෂව බෙදුම්කරුවන්ට වට්ටම් මුදල් ගණනය කිරීමේදී පදනම් කරගනු ලබන ඉන්ධන මිල ස්ථායිකරණය කිරීම යටතේ සංස්ථාවට මේ වන විට අයවිය යුතු මුදල බිලියන තිස්පහකි.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ෂෙඩ් හිමිකරුවන්ට වාසිවන පරිදි මෙම මුදලින් රුපියල් බිලියන 15 ක් (කෝටි 1500) ක් බොල් ණය සේ කපා හැරීමට හිටපු ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ ද අරුණ පුවත්පත කලින්ම මෙය හෙළිදරව් කිරීම නිසා කැබිනට් පත්‍රිකාව හකුළා ගැනීමට සිදුවිය. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ‘අරුණ’ පුවතින් පසු එම උත්සාහය ව්‍යර්ථ කළේ ය.
-aruna
-තිස්ස රවීන්ද්‍ර පෙරේරා
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka