gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයේ ඔත්තුව දින 12ක් තමන් තබාගත් බවත් එය වැරැද්දක් බවත් රවි සෙනෙවිරත්න කියලාලු..- ගම්මන්පිල

පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කරන ලද ඒ එන් ජේ ද අල්විස් කමිටුවේ සාක්ෂි සටහන් ලබා ගැනීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ජනාධිපති කාර්යාලයට ලිපියක් යොමු කර ඇත.

අදිල ලිපිය මෙහි දැක්වෙයි.

තොරතුරු නිලධාරි
ජනාධිපති ලේකම් කාර්යාලය
ගාලු මුවදොර
කොළඹ 01

හිතවත් තොරතුරු නිලධාරිතුමනි

ඒ එන් ජේ ද අල්විස් කමිටුවේ සාක්ෂි සටහන් ලබා ගැනීම

විශ්‍රාමික විනිසුරු ඒ එන් ජේ ද අල්විස් මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනාධිපති විමර්ශන කමිටුව ඉදිරියේ සාක්ෂි ලබා දීමේ දී පාස්කු ප්‍රහාරය අනතුරු පිළිබඳ අඟවා බුද්ධි අංශ එවූ ලිපිය කිසි පියවරක් නොගෙන තමන් භාරයේ දින 12 ක් තබා ගත් බවත් එය තමන් අතින් සිදු වූ වැරැද්දක් බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා පිලිගෙන ඇති බව විශ්වාසනීය මූලාශ්‍රයකින් මට දැන ගැනීමට ලැබිණි.

එබැවින් තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන අනුව රවී සෙනෙවිරත්න මහතා විසින් විශ්‍රාමික විනිසුරු ඒ එන් ජේ ද අල්විස් මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනාධිපති විමර්ශන කමිටුව ඉදිරියේ ලබා දුන් සියලුම සාක්ෂි සටහන් මට හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන්නේ නම් කෘතඥ වෙමි.

මේ පිළිබඳ යම් ගාස්තුවක් ගෙවීමට ඇත්නම් එකී ගාස්තුව කොපමණදැයි 011******* අංකය අමතා මා හට දැනුම් දිමට කාරුණික වන්න.

මෙයට

ඔබේ සේවයට කැප වූ
උදය ගම්මන්පිල
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka