වසන්තගෙන් හඬපට එලියට!
පසුගිය රජය සමයේ මත්පැන් බලපත්‍ර ලබාදීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් ලක්ෂ දෙසීයක කොමිස් මුදලක් අල්ලස් ලෙස ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව ජාතික ජන බලවේගය විධායක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
එලෙස අල්ලස් ලබාදී විවෘත කළ සුරාහල්වල සියලු විස්තර මෙන්ම එම දූෂිත ගනුදෙනුවල අදාළ හඬ පටද තමන් සතු බව හෙතෙම කියා සිටී.
අල්ලස් ලබා නොදුන් පුද්ගලයන්ට මත්පැන්හල් බලපත්‍ර ලබා නොදීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබූ බවද පවසන ඔහු මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු කර රටට අයවිය යුතු බදු මුදල් අය කර ගැනීමට කටයුතු කළ යුතු බවද පැවසුවේය.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
වසන්තගෙන් හඬපට එලියට!
2024-09-30T16:22:00+05:30
Gossip Lanka Hot News





