රට වටා මැතිවරණ සමීක්ෂණ සිදු කරමින් ජනාධිපතිවරණ උණුසුම ජනතාව වෙත ගෙන ආ රංගන ශිල්පී/ටෙලිනාට්‍ය අධ්යක්ෂ සුදත්ත තිලකසිරි මහතාගේ Sudaa creations, Suda studio යන යූ ටියුබ් නාලිකා දෙක ඊයේ දින සිට මකා දමා ඇත.
එම යූටියුබ් නාලිකා දෙකම යම් සයිබර් ප්‍රහාරයකින් බාහිර කණ්ඩායමක ග්‍රහණයට ලක්ව ඇති අතර එහි සියලු වීඩියෝ පට මකා දමා එම චැනල දෙකෙහි නම් ඇතුළු තොරතුරු වෙනස්කර ඇත.
දිවයින පුරා ජනාධිපතිවරණ සමීක්ෂණ 200කට වැඩි ප්‍රමාණයක් පලකර ඇති එම නාලිකා දෙකෙහි සමස්ථ ප්‍රතිඵල ඇතුලත් අවසන් ප්‍රතිඵල වාර්තා වැඩසටහනක් ඉදිරි දින දෙක තුල ප්‍රචාරය කිරීමට සූදානමින් සිටි මොහොතක මෙම සයිබර් ප්‍රහාරයට ලක්වීම සුවිශේෂී වේ.