gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාව මීළඟ ලෙබනනය වීමේ අනතුරක!

ජාත්‍යන්තර දේශපාලන විශ්ලේශකයින් පෙන්වා දෙයි

ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී මූලයක් සහිත ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවනු ලබන ජාතික ජන බලවේගය වෙත විශාල ජනතා ආකර්ෂණයක් ඇති වෙමින් පවතින බවත් යම් කිසි හෙයකින් ඔවුන් විසින් ආණ්ඩුවක් පිහිටවුවහිත් ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නැවත සමාලෝචනය කිරීමක් සිදුකරනු ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් විසින් පසුගිය දා පැවති ජාත්‍යන්තර රූපවාහිනී නාලිකා වැඩසටහන් කිහිපයකදීම පෙන්වා දෙන ලදී. 

එමෙන්ම ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශයේ IMF වැඩසටහන නැවත සමාලෝචනය කරන බව පැහැදිලිව දක්වා තිබෙන අතර ඔවුන් විශාල විශාල වශයෙන් පොරොන්දු වී තිබෙන රාජ්‍ය රැකියා සහ බදු අඩු කිරීම් සිදු කිරීමේ දී ආර්ථිකය නැවත බිඳ වැටීම වලක්වා ගැනීම පිළිබඳ පැහැදිලි දැක්මක් ඉදිරිපත් කිරීම ද සිදුකර නොමැත. මේ අතර දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් අනුරකුමාර දිසානායක මහතා තමාගේ විකල්ප ආර්ථික වැඩසටහන නිසි පරිදි පැහැදිලි කිරීමට අපොහොසත් වීමත් නිසා මෙම අවධානම සීඝ්‍රයෙන් ඉහල යන බව විශ්ලේෂකයින් විසින් වැඩිදුරටත් පෙන්වා දෙනු ලබයි. එම වැඩසටහනේදී මාධ්‍යවේදීයා විමසූ පැනයකට අපහසුවෙන් පිළිතුරු දුන් අනුර දිසානායක මහතා ප්‍රකාශ කරන ලද්දේ අසාර්ථක වීමක් සිදුවුවහොත් එවිට නව වැඩපිළිවෙළක් පිළිබඳව සිතා බලන බවකි. 

නව වැඩපිළිවෙළක් නොමැති නම් ඔවුන් විසින් කළ යුතු වන්නේ වර්තමාන වැඩපිළිවෙළ පවත්වාගෙන යාම මිස එය සමාලෝචනය කිරීම නොවන බව පෙන්වා දෙන ජාත්‍යන්තර විශ්ලේශකයින් 2023 වසරේ එනම් පසුගිය වසරේ ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින තේමාව 'IMF මර උගුල පරදවමු' යන්න බවත් පෙන්වා දෙයි. 

එනම් ජනතාවගේ ඡන්දය දිනාගැනීම සඳහා ඔවුන් දැන් සෘජුව එය ප්‍රකාශ නොකලත් ජවිපෙ අභ්‍යන්තර ප්‍රතිපත්තිය අනුව කිසිසේත් IMF ව්‍යාපෘතිය ඔවුන් ඉදිරියට ගෙන නොයනු ඇති බවට විශ්ලේෂකයින් විස්වාසය පලකරයි.  ඒ අනුව එසේ වුවහොත් මෙම ආර්ථික ස්ථාවරත්වය බිඳ වැටීමට නියමිත බව ඔවුන් පෙන්වා දෙයි. 

2017-2019 කාලසීමාවේ දී ද මංගල සමරවීර, රනිල් වික්‍රමසිංහ රජය විසින් සිදුකරමින් තිබූ IMF ප්‍රතිසංස්කරණ නිසා විදේශ සංචිත ඩොලර් බිලියන 7?2 ක් දක්වා වැඩි වී තිබූ පසුබිමක ගෝඨාභය  රාජපක්ෂ රජය විසින් අත්ථනෝමතික ලෙස වැට් බදු අඩුකර රාජ්‍ය සේවය ඉහල නංවා සිදුකල අතාර්ක ක්‍රියාවලිය ආර්ථිකය බිඳවැටුණු අයුරින්ම 2025/ 2026 වසරවල ආර්ථිකය ජාතික ජන බලවේගය බලයට පත්වුවහොත් බිඳවැටීමකට ලක්විය හැකි බව එම විශ්ළේශක කණ්ඩායම විසින් වැඩිදුරටත් පෙන්වා දෙනු ලබයි. එසේ වුවහොත් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ලෙබනනය බවට පත්වනු ඇතැයි ඔවුන් වැඩිදුරත් අනතුරු අගවනවා. ලෙබනනය මේ වනවිට දරුණුම ආර්ථික කඩා වැටීමකට සහ අර්බුද ගණනාවකටම මුහුණ දෙන ලොව ඛේදනීයම රාජ්‍යයක් බවට පත්ව තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka