gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අපේක්ෂකයින්ගේ විවාදයට සියල්ල සුදානම්... සියලු නාලිකාවල සජීවීව!

ජනාධිපති අපේක්ෂක විවාද මාලාව අද (07) ,දින පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත.

අද (07) දින ප.ව. 3.00 සිට 5.00 දක්වා සියලුම ප්‍රධාන රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍ය ජාල 200කට අධික ප්‍රමාණයක මෙම විවාදය සජීවිව විකාශය කෙරෙන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සදහන් කරයි.

හෙට දින විවාදය සඳහා ජනාධිපති ධූර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන අපේක්ෂකයින් සහභාගිත්වය මේ වනවිට ස්ථිර කර ඇත.

විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි තවදුරටත් සදහන් කළේ,

“අපි තාමත් බලාරොත්තු සහගතව ඉන්නවා ජාතික ජන බලවේගයේ නායකතුමා. ඔවුන්ට රැස්වීම් තියෙනවා, ටිකක් කාර්ය බහුල බව තමයි සඳහන් කරලා තියෙන්නේ. හැබැයි ඒක අනිත් අපේක්ෂකයින්ටත් අදාළයි. තාමත් තහවුරු කරලා නැහැ.

ටිකක් අමාරු බවත් ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. අපි තාමත් බලාපොරොත්තු සහගතව ඉන්නවා. ලංකාවේ සියලුම රූපවාහිනී නාලිකාවල සජීවවී විකාශය කරන්න එකඟ වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය මීට සහභාගීවීමට අපහසු බව ලිඛිතව දන්වා තිබෙනවා. අනුර දිසානායක මහතාට තාමත් ඉඩකඩ තියෙනවා.”
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka