gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

අපි ආවම ආමි පොලිස් ඔක්කොටම ගහනව... මාලිමා හමුදා සාමාජික වීඩියෝවක් සමාජ ජාලා කළඹයි

ජාතික ජන බලවේගයේ යැයි කියන පිරිසක් විසින් අන්තර්ජාලයට මුදා හැර ඇති වීඩියෝවක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.

අදාළ වීඩියෝව ව්‍යාජව සකස් කරන ලද්දක් බවට එම පක්ෂය විසින් සිදුකර ඇති පැමිණිල්ලේ සඳහන් වෙයි.

ජාතික ජන බලවේගයට සම්බන්ධ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ යැයි හැගවෙන ආකාරයෙන් මෙම වීඩියෝව සකසා ඇති බවද ම පක්ෂය සඳහන් කරයි.

මේ පිළිබඳව ඔවුන් විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවැරදිනය මෙසේය.

“අදිටන ත්‍රිවිධ හමුදා සාමූහිකය සම්බන්ධව ව්‍යාජ ලෙස සැකසූ වීඩියෝවක් පිළිබදව

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අගතියට පත් කිරීමේ අරමුණෙන් ව්‍යාජ ව සකස් කරන ලද වීඩියෝවක් අද (2024.09.06) දින උදෑසන සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවට පැමිණිල්ලක් ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇත.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති, මැතිවරණ කොමසාරිස් ජනරාල් සහ ‌ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) යන බලධාරීන් වෙත අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන, මෙම ව්‍යාජ වීඩියෝව සැකසූ සහ එය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අද (2024.09.06) දිනැතිව අප විසින් ලිඛිත ඉල්ලීමක් කරන ලද බව දැනුම් දෙමි.

දිගින් දිගටම මෙවැනි ව්‍යාජ වීඩියෝ, ව්‍යාජ ප්‍රකාශන සහ ද්වේශ සහගතව නිර්මාණය කරන ලද විවිධ තොරතුරු මගින් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අගතියට පත් කිරීමට සැලසුම් සහගත කුමන්ත්‍රණයක් දියත් වී ඇති බව නිරීක්ෂණය වේ.

මෙය නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධාවක් බැවින් සියලු මැතිවරණ බලධාරීන්ගෙන් ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය ඉල්ලා සිටිනුයේ මෙවැනි අගතිගාමී ක්‍රියා වළක්වා නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සියලු දෙනාගේ මැදිහත්වීම සහ කැපවීම මේ මොහොතේ ලබාදෙන ලෙසයි.

නීතීඥ අකලංක උක්වත්ත
මාධ්‍ය ප්‍රකාශක
ජාතික ජන බලවේගයේ
මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka