සජිත්ගේ වේදිකාවේ මන්ත්‍රීවරු ගැටෙයි... රැස්වීම නවතා ගෙදර යයි
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ දඹුල්ලේ පැවති ජන රැළියේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී විජේරත්න වේදිකාවට නැගීම ප්‍රතික්ෂේප කළේය.
ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවේ අසුන්ගෙන සිටීම හේතුවෙන් ඊට උරන වූ රෝහිනී කවිරත්න ඔහු එම වේදිකාවෙන් බැස පිටව යන තුරුම වේදිකාවට ගොඩ නොවන බව පවසා වේදිකාවෙන් පිටතට වී බොහෝ වේලාවක් රැඳී සිටියේය.
අනතුරුව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස එම වේදිකාවට පැමිණීමට පෙර ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස පිටව ගිය පසුව රෝහිනී කවිරත්න සජිත් ප්‍රේමදාස සමග වේදිකාවට නැග ඉදිරිපෙළ අසුනේ වාඩිවී සිටියේය.
අනතුරුව මන්ත්‍රීනි රෝහිනී කවිරත්න දැඩි ප්‍රකාශයක් කරමින් සදහන් කළේ, සජිත් ප්‍රේමදාස නායකතුමා එතනෝල් කාරයන්ට, මත්පැන් අලෙවිකරුවන්ට හා තැබෑරුම් හිමියන්ට තම වේදිකාවේ ඉඩක් නැති බව ප්‍රකාශ කර තිබුණු බවයි.
සජිත්ගේ වේදිකාවේ මන්ත්‍රීවරු ගැටෙයි... රැස්වීම නවතා ගෙදර යයි
2024-09-17T09:49:00+05:30
Gossip Lanka Hot News





