ඡන්දය ලබා නොදුන්නොත් ඉන්න හිටින තැන් නැති කරන බවට NPP සාමජිකාවකට තර්ජනය කළ සජබ කොට්ඨාස සංවිධායකවරයෙක් අත්අඩංගුවට!
තම පක්ෂයට ඡන්දය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළ වැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැයි පැවසෙන සිද්ධියකට සමග ජන බලවේගයේ දම්මින්න කොට්ඨාස සංවිධායකවරයා ඊයේ (20 ) රාත්‍රී 8.00 ට පමණ අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.
එම කාන්තාව අද වෙනිදා දහවල් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ සංවිධායකවරයා අත්අඩංගුවට ගත් අතර ඔහු පොලිස් ඇපමන නිදහස් කර පසුව ඔහුට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල අප කළ විමසීමකදී සඳහන් කළේය.
දිඹුලාගල දම්මින්න කොට්ඨාසයේ අදාල සංවිධායකවරයා එම කාන්තාවගේ නිවසට ගොස් පදිංචි ඉඩම අවලංගු කරන බවට බලපෑම් කර, සමගි ජන බලවේගයට ඡන්දයන් ලබාදෙන ලෙසට තර්ජනය කර තිබිණි.
ඡන්දය ලබා නොදුන්නොත් ඉන්න හිටින තැන් නැති කරන බවට NPP සාමජිකාවකට තර්ජනය කළ සජබ කොට්ඨාස සංවිධායකවරයෙක් අත්අඩංගුවට!
2024-09-21T07:19:00+05:30
Gossip Lanka Hot News






