ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ රැස්වීමක් සඳහා නිට්ටඹුව ප්‍රධාන බස්නැවතුම්පොළ භුමියේ ඉදිකෙරුණු ප්‍රධාන වේදිකාව නිට්ටඹුව පොලිසියේ සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ දැනුම්දීමක් අනුව ගලවා ඉවත් කිරීමට සංවිධායක පිරිස පෙරේදා (4) දහවල් කටයුතු කළහ.
වේදිකාව බස්රථ ධාවනයට සහ බස් නැවතුම්පොළ භූමිය ඔස්සේ ගමන් කරන ජනතාවට බාධාවන අයුරින් නිට්ටඹුව බස්නැවතුම් පොළ භූමියේ ඉදිකර තිබූ බව කියති.වේදිකාව බස්නැවතුම් පොළ භූමියෙන් ගලවා ඉවත් කරන ලෙසට නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ හා අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සංවිධායක පිරිසේ සමාජිකයන්ට වේදිකාව අසලදී දැනුම් දී ඇත. බස්නැවතුම් පොළ භූමියේ රැස්වීම පැවැත්විය යුතු බවට සංවිධායක පිරිසේ අයකු පොලිස් නිලධාරීන්ට හා අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට දැඩිව ප්‍රකාශ කිරීම නිසා එහි උණුසුම් තත්වයක්ද ඇතිවිය.
මේ පිළිබඳව කරන ලද පැමිණිල්කට අනුව ගම්පහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ද කෙටි වේලාවකදී නිට්ටඹුව ප්‍රධාන බස්නැවතුම්පොළ භූමියට ඊයේ (4) දහවල් පැමිණ අවසර ලබා දී ඇති පරිදි නිට්ටඹුව නව මහජන රථගාලේ රැස්වීම සඳහා වේදිකාව ඉදි කරන ලෙස සංවිධායක පිරිසට දැනුම්දී ඇත. එම දැනුම්දීම අනුව සංවිධායක පිරිස නිට්ටඹුව මහජන රථගාලේ කුඩා වේදිකාවක් ඉදිකිරීමට පියවර ගත්හ.රථගාලේ නව වේදිකාව සැකසෙමින් තිබියදී ඊයේ (4) උදේ 11.45 පමණ එම ස්ථානයට පැමිණි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සංවිධායක පිරිසට ඒ සඳහා අවශ්‍ය උපදෙස් දුන්නේය. අනතුරුව දහවල් 12.30 ට පමණ සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ විය.
(එස්.යූ.ඩබ්ලිව්.කේ. ජ්යවර්ධන)