අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ මෑත කාලීන තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සිය බරපතල කනස්සල්ල පළ කර තිබේ.
එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ එම කැබිනට් තීරණවලින් ඇතැම් තිරීණ එක් ජනාධිපති අපේක්ෂකයෙක් විෂයෙහි පැහැදිලි ප්රවර්ධනයක් ලෙස සැලකිය හැකි බවය.
ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන කිසිදු තීරණයක් නතර කිරීමට කොමිසමට බලයක් නොමැති බවයි.
“කෙසේ වෙතත්, කොමිෂන් සභාව මේ ඇතැම් තීරණ කල්දැමීමට නිර්දේශ කරමින් අමාත්‍ය මණ්ඩලය කැබිනට් මණ්ඩලයට ලිඛිතව දන්වා තිබෙනවා . නිදසුනක් වශයෙන් සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ . විශ්‍රාමිකයන්ට රුපියල් 3,000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීම එවැන්නක්. ඔක්තෝබර් මාසයෙන් පසු එය ක්‍රියාත්මක කරන ලෙස කොමිසම රජයට බලකර සිටියා.” කොමසාරිස්වරයා පැවසුවේය.