රාජපක්ෂ පවුලේ තවත් පිරිසක් දිවයිනෙන් පිට වෙයි!
නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳගේ මව, දරුවන් දෙදෙනා , සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් නෑදෑ කාන්තාවක් අද (20) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ Silk Route විශේෂ පර්යන්තය ඔස්සේ ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ ආරංචිමාර්ග සනාථ කර ඇත.
එම කණ්ඩායම අද දින උදෑසන 10.05 ට ඩුබායි වෙත පියාසර කළ Emirates ගුවන් සමාගමට අයත් EK – 651 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් ඇතැයි පැවසේ.
මෙලෙස එක් ගුවන් මගියෙකුට ඇමෙරිකානු ඩොලර් 52 බැගින් ගෙවා සේද මාවත පර්යන්තය ඔස්සේ එම පිරිස අදාළ ගුවන් යානය වෙත පිවිසි බව පැවසේ.
මේ වනවිට ශ්‍රී ලංකාවේ සිට ඇමෙරිකාව වෙත ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම පිරිසද ඩුබායි වෙත ගොස් ඇමෙරිකාව බලා පිටත්ව යන්නට ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජපක්ෂ පවුලේ තවත් පිරිසක් දිවයිනෙන් පිට වෙයි!
2024-09-20T15:27:00+05:30
Gossip Lanka Hot News






