gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති අපේක්ෂකයින්ට රතු එළියක්!

ජනාධිපති අපේක්ෂකයෙක් එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් අපේක්ෂකයින් වියදම් කර ඇති බවට අධිකරණයේදී අනාවරණය වුවහොත් ඔහුගේ ධුරය අහිමිවන බවත් අපේක්ෂකයාගේ ප්‍රජා අයිතිය වසර තුනක් සඳහා අහෝසි වන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි.

2023 අංක 03 දරන ගැසට් පත්‍රය මගින් මෙය ප්‍රකාශයට පත් කර ඇති බවත් 1947 වසරේ සිට සෑම මැතිවරණයක් අවසානයේදී දින 31ක් ඇතුළත වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බවත් එය ලබා නොදීම මෙන්ම වැරදි තොරතුරු ලබාදීම යන දෙකම දඬුවම් ලැබිය හැකි වරදක් බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

නව පනත මගින් මෙය නීතියක් බවට පත්ව ඇති බැවින් මැතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත අපේක්ෂකයින් තම ආදායම් වියදම් විස්තරය මැතිවරණ කොමිෂන් සභාවට ලබාදිය යුතු බවත් අනතුරුව ලබාදෙන වියදම් විස්තරය කොමිෂන් සභාව මගින් මහජන ප්‍රදර්ශනය සඳහා පුවත්පත් දැන්වීම්වල සහ වෙබ් අඩවිවල ප්‍රදර්ශනය කරන බවද සදහන් කරයි.

අපේක්ෂකයින් ලබාදෙන තම ආදායම් වියදම් විස්තර සම්බන්ධයෙන් පරස්පර හෝ වැරදි තොරතුරු ලබාදී ඇත්නම් ජනතාවට ඕනෑම අවස්ථාවක ඊට විරුද්ධව පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට නීතියෙන් අවසර හිමිවන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ බව සදහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka